නොරොච්චෝලේ ලක්විජය බලාගාරයට ගෙනා ගල් අඟුරු සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ වාර්තාව
යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවට බාර දී ඇත.
මතභේදයට තුඩු දී ඇති ගල් අඟුරු නැව් නවයේ බාල ගල් අඟුරු හේතුවෙන් රුපියල් කෝටි 848 කට ආසන්න පාඩුවක් සිදුව ඇතැයි එම වාර්තාවේ දැක්වේ.
එසේම එම ගල් අඟුරුවල අළු ප්‍රතිශතය සියයට එකසිය දෙකකින් වැඩි බව වාර්තාව සඳහන් කරයි.
බාල ගල් අඟුරු වෙනුවෙන් තවමත් දඩ මුදල් අය කරගෙන නැත.
මේ අනුව එම දඩ මුදල වහා අය කර ගන්නැයි කමිටුව නිර්දේශ කළ බවද සඳහන්.
මහජන උපයෝගීතා කොමිසම මෙම වාර්තාව බාර දුන්නේ එම පාර්ලිමේන්තු කාරක සභාවේ ඉල්ලීමක් අනුවය.
වාර්තාව කාරක සභාව හමුවේ පුළුල්ව සාකච්ඡා කෙරිණ.
ලක් විජය බලාගාරයට ගෙනා ගල් අඟුරු තත්ත්වයෙන් බාල බව ආණ්ඩුවද පසුගියදා පිළිගත්තේය.



