Homeදේශීයමැදපෙරදිග ගැන කතා කරන්න විපක්ෂය රැස්වෙයි.

මැදපෙරදිග ගැන කතා කරන්න විපක්ෂය රැස්වෙයි.

මැදපෙරදිග යුද ගැටුමෙන් අප රටට වන බලපෑම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විපක්ෂ නායකවරයා ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී හමුවෙයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමෙන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හමුවිය.

එහි දී මේ වන විට මැදපෙරදිග කලාපයේ උද්ගත වි ඇති යුදමය ගැටලුව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

මෙහි දී ඉරානය සහ මැදපෙරදිග කලාපය කේන්ද්‍ර කර ගත් අප රටේ සුවිශේෂ ආනයන සහ අපනයන රැසක් සිදු වන බැවින් මෙහි දී ඒ සම්බන්ධයෙන් ද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

එසේම මැදපෙරදිග කලාපයේ සේවය කරන අප රටේ දශ ලක්ෂයකට ආසන්න ශ්‍රමිකයන්ගේ ජීවිත සුරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ද මෙහි දී සුවිශේෂ අවධානයක් යොමු විය.

ඔවුන්ගේ ජීවිත සුරක්ෂා කිරීමටත් ඔවුන්ගේ රැකියා සම්බන්ධයෙන් වැඩිදුරටත් අවධානය යොමු කිරීමටත් මේ සම්බන්ධයෙන් රජයේ වැඩි අවධානයක් යොමු කිරීමටත් මෙහි දී අදහස් පළ විය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments