රට පාලනය කිරීමට තමන්ට භාර දෙන්නේ නම් වසර තුනක් වැනි කෙටි කාලයකදී මුළු රටම සංවර්ධනය කර පෙන්වීමට තමන් වහන්සේ සූදානම් බව පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමි පවසනවා.
උන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් බෙල්ලන්තර සිරිසදහම් ආශ්රමයේ පැවැති දානමය පුණ්‍යකර්මයට සහ ආගමික උත්සවයට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.
මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ මහත්මිය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා.
රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ උන්වහන්සේ, දක්ෂයන්ට සහ වැඩ කරන මිනිසුන්ට වල කැපීමෙන් රටක් දියුණු කළ නොහැකි බව එහිදී අවධාරණය කළා.
උමංදාව ආශ්‍රමය හරහා පසුගිය වසර 9 පුරා සිදු කළ ජාතික මෙහෙවර පිළිබඳව සිහිපත් කළ උන්වහන්සේ, උමංදාව මෙරට අධ්‍යාපන ක්ෂේත්රය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකර ඇති බවත් විශේෂයෙන්ම ඊශ්‍රායලය වැනි රටවල් ඉලක්ක කරගනිමින් පුහුණු ශ්‍රමිකයන් පන්දහසක් පුහුණු කළ හැකි මධ්‍යස්ථානයක් බවට උමංදාව පරිශ්‍රය පත් කිරීමට හැකි වූ බවත් පවසනවා.
නමුත් වත්මන් රජය යටතේ එම සේවාවන් අඩපණ වී ඇති බවට චෝදනා කළ උන්වහන්සේ කියා සිටියේ, උමංදාව හරහා පවත්වාගෙන ගිය රෝහල් වසා දමා ඇති බවත්, වකුගඩු රෝගීන් වෙනුවෙන් ඉදිකළ ජල පිරිපහදු පද්ධති ක්‍රියාවිරහිත කර ඇති බවයි.
මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරුන් මෙම සේවාවන් සඳහා ආශීර්වාද කළ බවත්, වත්මන් රජය සෘණාත්මක මනසකින් යුතුව එම වැඩපිළිවෙළට බාධා පමුණුවන බවත් සමන්තභද්‍ර හිමි වැඩිදුරටත් කියා සිටියා.



