නීතිඥ ඉසුරු මහේෂ් පණ්ඩිත බීබීසී සිංහල වෙත පැවසුවේ, ශ්‍රී ලංකාවේ පවතින නීතිය යටතේ, “අසභ්‍ය පින්තූරයක් හෝ වීඩියෝවක් තමන්ගේ කැමැත්තෙන්වත් ප්‍රසිද්ධ අවකාශයට මුදා හරින්න පුළුවන් කමක් නැහැ,” යනුවෙනි.
ඔහු පැවසුවේ, යම් පාර්ශවයක් විසින් එවැනි වීඩියෝ හෝ ඡායාරූප ප්‍රසිද්ධ අවකාශයට මුදා හරින්නේ නම්, එම පාර්ශවයට එරෙහිව සිවිල් නීතිය සහ අපරාධ නීතිය යටතේ පියවර ගත හැකි බව ය.
ඔබේ ලිංගික සහකරුට නිරුවත් ෆොටෝ, වීඩියෝ යවන්න කලින් මේ ගැන සැලකිලිමත් වෙන්න එහිදී අගතියට පත්වන පාර්ශවය දරුවෙකු නම්, ළමාරක්ෂණ අධිකාරියට ඒ පිළිබඳව ක්‍රියාත්මක විය හැකි බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
“සිවිල් නීතිය යටතේ, ඉතා පැහැදිලිව ඒක අපහාසයක් වෙනවා. එතකොට ඒ පාර්ශවල කීර්ති නාමයට වන හානිය සම්බන්ධයෙන් අවශ්‍ය කරන නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. වන්දි ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා,” නීතිඥවරයා පැහැදිලි කළේ ය.
‘වීඩියෝ හුවමාරු කර ගැනීම සහ හාස්‍යයට ලක් කිරීම වරදක්’
එවැනි වීඩියෝ දර්ශන හෝ ඡායාරූප හුවමාරු කර ගැනීම නීතියෙන් වරදක් බව නීතිඥ ඉසුරු මහේෂ් පණ්ඩිත පැවසීය.
“ඒක ඉතා පැහැදිලිව දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා. පරිගණක අපරාධ පනත යටතේත් නඩු පැවරීමේ හැකියාවක් තියෙනවා. මොකද ඒක අදාළ පුද්ගලයාගේ අවසරයෙන් තොරවනේ අරගෙන තියෙන්නේ.
“අනෙක් පැත්තෙන්, තවත් පිරිසක් මීම්ස් හදනවා, ඒ ගැන විහිළු කරනවා, පින්තූර එහෙම දාලා. එහෙම කරලා පාසලට හෝ, අදාළ ළමයින්ට හෝ ගුරුවරුන්ට, වීඩියෝ එක ලීක් නොකරත්, ඒ ගැන විවිධ කටකතා හෝ විහිළු ආකාරයෙන් අදහස් පළ කිරීමත් නීත්‍යනුකූලව වරදක්.
ඔහු තවදුරටත් පැහැදිලි කරමින් මෙලෙස පැවසීය.
“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ක්‍රියාත්මකයි. එතකොට ඒ පනත හරහා, ඔය හැම ෆේස්බුක් පෝස්ට් එකට ම පවා ක්‍රියාමාර්ග ගන්න පුළුවන්කමක් තියෙනවා.”
නීතිඥවරයා පෙන්වා දුන්නේ, අදාළ ගුරුවරියන්ට ද ඒ සම්බන්ධයෙන් නීතියමය පියවර ගත හැකි බව ය.
“වාරණ නියෝග පවා ලබා ගන්න පුළුවන්. මේක වෛරල් කරන්න දායක වන අයට විරුද්ධව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත යටතේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.
“ගුරුවරියන් කියන්නේ රජයේ සේවකයින් නේ. එයාලට විරුද්ධව මේ කාරණය සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් තියලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එක අධ්‍යාපන අමාත්‍යංශයට කරන්න පුළුවන්.
“හැබැයි එහෙම නැතුව, අපරාධමය වරදක් කියලා ගුරුවරියන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ,” ඔහු පැහැදිලි කළේ ය.



