Homeදේශීයඉන්දියාවෙන් කොච්චිකඩේට වියළි සලාක

ඉන්දියාවෙන් කොච්චිකඩේට වියළි සලාක

ගංවතුරින් ආපදාවට පත් කොච්චිකඩේ ප්‍රදේශයේ 500 කට අධික පවුල් ප්‍රමාණයකට සහල් ඇතුළු වියලි සලාක බෙදා දීමේ වැඩසටහනක් කොච්චිකඩේ ප්‍රදේශයේදී සිදු කෙරිණි.

ගම්පහ දිස්ත්‍රික්, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව, ඉන්දීය ජනතාවගෙන් , ශ්‍රී ලාංකික ජනතාවට ලබා දෙන පරිත්‍යාගයක් ලෙස දියත් කර තිබෙන
” සාගර් බන්දු ” මෙහෙයුමට සමගාමීව මෙම වියලි සලාක ආධාර ප්‍රදානය සිදුකෙරිණි.

මෙම අවස්ථාවට මෙරට ඉන්දීය මහා කොමසාරිස් සන්තොෂ් ජා මහතා විශේෂ ආරාධිතයා ලෙස සහභාගී විය. එලෙසම ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ පිරිසක්ද සහභාගි වූහ.
ඒ අනුව රුපියල් මිලියන 03 කට අධික වටිනාකමින් යුත් වියලි සළාක මලු මෙලෙස කොච්චිකඩේ ප්‍රදේශයේ සහ ඒ අවට ප්‍රදේශවල ගංවතුරින් අවතැන් වූ පවුල් වල සාමාජිකයන් සඳහා ලබා දෙනු ලැබීය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments