Homeදේශීයමාලිමාව කඩුවෙල,මීරීගම දිනුම්.දඹුල්ල,පුත්තලම පරාදයි.

මාලිමාව කඩුවෙල,මීරීගම දිනුම්.දඹුල්ල,පුත්තලම පරාදයි.

කඩුවෙල මහනගර සභාවේ 2026 අයවැය වැඩි ඡන්ද 5 කින්‌ ජාතික ජන බලවේගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

කඩුවෙල නගරාධිපති රන්ජන්‌ ජයලාල්‌ මහතාගේ ප්‍රධානත්වයෙන්‌ පැවති අයවැය ඉදිරිපත්‌ කිරීමේ අවස්ථාවේදී ඊට පක්ෂව ඡන්ද 26ක්‌ ලැබුන අතර, විපක්ෂව ඡන්ද 21ක්‌ ලැබුණා.

විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය පාවිච්චි කළා.

මීට අමතරව, මීරිගම ප්‍රාදේශීය සභාවේ 2026 වසර සඳහා වන අයවැය සඳහා පක්ෂව ඡන්ද 26 ක්‌ හා විපක්ෂව ඡන්ද 14 ක්‌ ලබා වැඩි ඡන්ද 12 කින්‌ අයවැය විශේෂ සභා වාර්තාව සභා සම්මත වුණා.

ජාතික ජන බලවේගයට බලය හිමි වී තිබෙන දඹුල්ල ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂයට නියමිත අයවැය දෙවැනි වරටත් පරාජයට පත් විය.

සභාපති ඩබ්ලිව්.එම්.තිලකරත්න විසින් අයවැය කියවීමෙන් පසු සිදුකරන ලද ඡන්ද විමසීමේ දී අයවැය යෝජනාවට පක්ෂව ඡන්ද 13ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 14ක් ලැබිණි.

ඒ අනුව දඹුල්ල ප්‍රාදේය සභාවේ 2026 අයවැය දෙවැනිවරටත් පරාජයට පත්විය.
ජාතික ජන
බලවේගයට බලය හිමිව ඇති පුත්තලම මහ නගර සභාවේ 2026 අයවැය වැඩි ඡන්ද 05කින් පරාජයට පත්විය.

නගරාධිපති එම්.එෆ්. රින්සාද් අහමඩ් විසින් අයවැය වාර්තාව ප්‍රථමවරට සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවති ඡන්ද විමසීමේ දී එයට පක්ෂව ඡන්ද 07ක් ලැබුණු අතර එයට විරුද්ධව ඡන්ද 12ක් ලැබිණි. එක් සභිකයකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය.

අයවැය පරාජය වීමෙන් පසු සභාව පසු දිනය දක්වා කල් තැබිණි. මෙලෙස සභාව කල් තැබීම නගරසභා අඥා පනතට විරුද්ධ කටයුත්තක් බව සදහන් කරමින් සහ එය නිතී විරෝධි බව සදහන් කරමින් නගර සභා මන්ත්‍රීවරු 12 දෙනකුගෙන් අත්සන් සහිත ලිපියක් මහ නගරසභා ලේකම් තුමිය හරහා නගරාධිපතිවරයාට භාර දීමට ද කටයුතු කර තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments