Homeදේශීයමුල් මාස දහයේ අපනයන ආදායම ඩොලර් බිලියන 14.43 ක්.

මුල් මාස දහයේ අපනයන ආදායම ඩොලර් බිලියන 14.43 ක්.

වසරේ මුල් මාස දහය තුළ භාණ්ඩ හා සේවා අපනයනයෙන් ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 14.43 ක ආදායමක් උපයා තිබේ.

එය පසුගිය වසරේ මුල් මාස දහය තුළ උපයා ඇති අපනයන ආදායම හා සසදා බැලීමේ දී 6% ක වර්ධනයකි.

ගෝලීය වෙළද පොළ තිබෙන සියළු අවිනිශ්චිතතා මධ්‍යයේ ශ්‍රී ලංකාව මෙම වර්ධනය අත්කරගෙන තිබීම දිරිගන්වන සුළු බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

2025 වසරේ ඔක්තෝබර් මාසයේ දී පමණක්, භාණ්ඩ හා සේවා අපනයනයෙන් ඩොලර් බිලියන 1.47 ක ආදායම් ලංකාව උපයා තිබේ.

එය පසුගිය වසරේ ඔක්තෝබරය හා සසදා බැලීමේ දී 12.33% ක වර්ධනයකි.

සේවා අපනයනය සමස්ත අපනයන වර්ධනයේ ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබේ.

2025 වසරේ ඔක්තෝබර් මාසයේ දී සේවා අපනයනයෙන් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 316.14 කි.

වසරේ මුල් මාස දහය තුළ සේවා අපනයනයෙන් ඩොලර් බිලියන 3.06 කි.

එය පසුගිය වසරේ අදාල කාල සීමාව තුළ සේවා අපනයනයෙන් උපයා ඇති ආදායම හා සසදා බැලීමේ දී 4.01% ක වර්ධනයකි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments