Homeදේශීයරෝහිණි ගැන සජබ ස්ථාවරය මෙන්න.

රෝහිණි ගැන සජබ ස්ථාවරය මෙන්න.

වතු කම්කරුවන් වෙත රුපියල් දෙසීයක දීමනාව ලබා දීමේ අය – වැය යෝජනාවට විරුද්ධ වීම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්නගේ පුද්ගලික යෝජනාවක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී පෙරේරා කීවේය.

ඔහු වැඩිදුරටත් කීවේ රෝහණී කවිරත්න මන්ත්‍රීවරිය අල්ලස් කොමිසමට ප්‍රසම්පාදන කොමිසමට මෙන්ම විගණකාධිපතිවරයාටත් ලිඛිතව පැමිණිලි කිරීමේ ක්‍රියාකලාපය පක්ෂයේ මතය නොවන බවය.

සමගි ජන බලවේගය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අජිත් පී පෙරේරා යළි යළිත් අවධාරණය කළේ එය රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියගේ පුද්ගලික අදහසක් බවය.

“ඒක එතුමියගේ පෞද්ගලික අදහසක්නේ… එය පක්ෂයේ අදහස නොවෙයි…”අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා කීවේය.

ඇය ඡන්දය ලබා දීමට නොපැමිණීම ගැන අදහස් දක්වමින් අජිත් පී පෙරේරා පැවසුවේ ඇය ඡන්දය ලබා දීමෙන් වැලකී සිටි බවත් ඇයගේ අදහස පක්ෂයේ අදහස නොවන බවත්ය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments