මුස්ලිම් ජාතිකයකු වන තමන්ට පන්ජාබ් ඇඳුමෙන් සැරසී පාසලට පැමිණීමට අවසර නොදීම හේතුවෙන් පාසල් බලධාරීන් විසින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට චෝදනා කරමින් නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ සිසුවියක විසින් ගොනු කරනු ලැබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදුන්නා.
ඒ 2014 වසරේදී ගොනු කර තිබූ එම පෙත්සම සම්බන්ධයෙන් පෙත්සම්කාර පාර්ශ්වය සහ වගඋත්තරකාර පාර්ශ්වයන් ඉදිරිපත් කළ මූලික කරුණු සලකා බැලීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, මේනකා විජේසුන්දර, සම්පත් විජේරත්න යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති ආගමික නිදහස සහ නීතිය ඉදිරියේ සමාන ලෙස සැලකීමේ නිදහස වගඋත්තරකරුවන් විසින් උල්ලංඝනය කර තිබිය හැකිය යන පදනම පෙත්සම විභාගයට ගැනීමට තීරණය කෙරුණා.
මෙම පෙත්සම් විභාගය ලබන ජුනි මස 08 වැනිදා සිදුකිරීමට නියමිතයි.
නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ 7 වන වසරේ අධ්‍යාපනය ලබද්දී සිදුවූ සිද්ධියක් සම්බන්ධව ෆාතිමා හසානා විසින් සිය පියා වන සාවුල් හමීඩ් සමග මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
එම විද්‍යාලයේ එවකට සිටි විදුහල්පතිනිය, පන්තිභාර ආචාර්යවරිය ,පළාත් අධ්‍යාපන අධ්යක්ෂ , ඇතුළු බලධාරීන් පිරිසක් වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
පෙත්සම්කාරිය මෙම පෙත්සම ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ සුදූ අත් කොට සහ දණහිස තෙක් දිගු වන සුදු ගවුම සිය පාසලේ නිල ඇඳුම ලෙස භාවිතා වන බවයි.
1980 අංක 37/95 දරණ දෙසැම්බර් 12 දරණ දිනැති චක් අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛය අනුව මුස්ලිම් ජාතික සිසුවියන්ට පංජාබ් ඇදුම් ඇඳුමෙන් සැරසී පාසලට පැමිණීමට අවසර ලබාදී ඇති බවයි.
ඒ අනුව සිය සංස්කෘතික ඇඳුම පංජාබ් ඇඳුමෙන් සැරසී 2014 වසරේ මාර්තු මස 03 වැනිදා තමන් පාසලට ගිය බවද එහිදී පන්තිභාර ආචාර්යවරිය විසින් සිය ඇඳුම ඉවත් කරන ලෙස දැනුම් දුන් බව ඇය සඳහන් කළා.
අනතුරුව විදුහල්පති නිල කාමරයට රැගෙන ගිය අවස්ථාවේදී සිය සංස්කෘතික ඇඳුම ඉවත් කරන ලෙස විදුහල්පතිනිය ද දැනුම් දුන් බවද පෙත්සම්කාරිය සිය පෙත්සම මගින් පවසා සිටියා.
මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතා පෙන්වා දුන්නේ මුස්ලිම් ජාතික සිසුවියක වූ පෙත්සම්කාරියට පංජාබ් ඇඳුම ඉවත් කරන ලෙස බලපෑම් කිරීම මගින් වගඋත්තරකරුවන් විසින් ඇයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි.
එම ඇඳුම ඇදීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් මගින් අවසර ලබාදී ඇති බවද ජනාධිපති නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නා.
වගඋත්තරකාර විදුහල්පතිනිය සහ පංතිභාර ආචාර්යවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා එහිදී පෙන්වා දුන්නේ සිසුවිය විසින් පෙන්වා දෙන චක්‍රලේඛය ව්‍යාජ එකක් බවයි.
අදාළ චක්‍රලේඛය පසුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංශෝධනයට ලක් කර ඇති බව මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා පෙන්වා දුන්නා.
ආගමික විශ්වාසයන් හෝ වෙනත් කරුණු මත වෙනස් වූයේ නිල ඇඳුම් ඇඳීමට අවස්ථාව ලබානොදීම කුඩා දරුවන් අතර සමානාත්මතාවය සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා හේතුවන බව යුරෝපා මානව හිමිකම් ප්රඥප්තිය මගින්ද පෙන්වා දී ඇති බව වගඋත්තරකාර පාර්ශවය විසින් අධිකරණය හමුවේ පෙන්වා දුන්නා .
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට ගැනීමට තීරණය කළා.



