ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි සහ තවත් සැකකරුවන් 4 දෙනෙක් නේපාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර කෙහෙල්බද්දර පද්මේ නමැත්තාගේ සමීපතම සගයෙකුද සිටින බව වාර්තා වනවා.
පසුගිය පෙබරවාරි මස 19 වනදා අළුත්කඩේ අංක 05 මහෙස්ත්රාත් අධිකරණය තුලදී සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීව නැමැත්තා වෙඩි තබා ඝාතනය කළා.
මෙම වෙඩි තැබීම සිදුකරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් ප්රධාන සැකකාරිය වන්නේ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති වයස අවුරුදු 25 ක් වන කාන්තාවක්.