Homeදේශීයසමාගම් කිහිපයකට පමණක් කුළුබඩු ආනයනය කර ප්‍රතිඅපනයනය සඳහා අවස්ථාව දීල.

සමාගම් කිහිපයකට පමණක් කුළුබඩු ආනයනය කර ප්‍රතිඅපනයනය සඳහා අවස්ථාව දීල.

නව නියාමන ක්‍රමවේදයක් යටතේ සමාගම් කිහිපයකට පමණක් කුළුබඩු ආනයනය කර ප්‍රතිඅපනයනය සඳහා අවස්ථාව ලබාදීමට රජය ගෙන තිබෙන තීරණය හේතුවෙන් දේශීය කුළුබඩු වෙළෙඳපොළ බිඳ වැටීමේ අවදානමක් පවතින බවත් තත්ත්වයෙන් බාල නිෂ්පාදන මෙරට කුළුබඩු සමග මිශ්‍රකර අපනයනය කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වීමේ ඉඩකඩ වැඩි බවත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මෙලෙස ආනයනය කරන කුළුබඩුවලට අගය එකතු කර ප්‍රතිඅපනයනය කිරීමට අවස්ථාව ලබාදී තිබෙන බව රජය පැවසුවද මෙම තීරණය හේතුවෙන් මෙරට කුළුබඩු සඳහා ගෝලීයව පවතින කීර්තිනාමයට හානි විය හැකි බවද එම සංගමය පෙන්වා දෙයි.

‘‘රජය විසින් මෑතකදී ලබාදුන් මෙම ආනයන බලපත්‍ර සම්බන්ධව ඉන්දියාව දැඩි විමසිල්ලෙන් පසු වෙනවා. මෙම තීරණය නිසා මෙරටින් ඉන්දියාවට යවන කුළුබඩු බහාලුම් දැඩි ප්‍රමාදයකට ලක්වීමේ අවදානමක් පවතිනවා.

ප්‍රතිපත්ති සම්පාදකයන් මේ පිළිබඳව වහා තීරණයක් ගැනීමට කටයුතු නොකළහොත් දේශීය කුළුබඩු වගාකරුවන්ට සහ අපනයනකරුවන්ට දැඩි බලපෑමක් එල්ල වීමේ අවදානමක් පවතිනවා.
ප්‍රතිඅපනයන කොන්දේසිය යටතේ කුළුබඩු ආනයනය කිරීමට රජය විසින් සමාගම් කිහිපයකට අවස්ථාව ලබාදීම හේතුවෙන් මෙරට කුළුබඩු දේශීය වෙළෙඳපොළෙන් ඉවත්වීමේ අවදානමක් පවතිනවා. අඩු මිලකට ආනයනික කුළුබඩු වෙළෙඳපොළ ආක්‍රමණය කළහොත් දේශීය උසස් තත්ත්වයේ කුළුබඩු සඳහා තිබෙන ඉල්ලුම අඩු වෙනවා.

ආනයනික ගම්මිරිස් මෙරට නිෂ්පාදිත ගම්මිරිස් ලෙස අපනයනය කිරීම නිසා ඉකුත් 2016 වසරේදී දැවැන්ත වංචාවක් සිදුවුණා. එමගින් දේශීය ගම්මිරිස් නිෂ්පාදකයන්ට දැවැන්ත පහරක් එල්ල වුණා.

තවද මෙලෙස ප්‍රතිඅපනයනය සඳහා කුළුබඩු ආනයනය කිරීම හේතුවෙන් දේශීය ශාකවලට විවිධ පළිබෝධකයන් සහ රෝගකාරක ඇතුළුවීමේ අවදානමක්ද පවතිනවා’’ යැයි එම සංගමය තවදුරටත් සඳහන් කරයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments