Homeදේශීයඋතුරු - නැගෙනහිර දෙපළාතේම තිලීපන් සැමරේ

උතුරු – නැගෙනහිර දෙපළාතේම තිලීපන් සැමරේ

දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් අවිහිංසාවාදී ලෙස ජීවිතය පරිත්‍යාග කිරීම නිසා ත්‍යාගී දිලීපන් ලෙසින් ගෞරවයට පාත්‍ර වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලුතිතන් කර්නල් රාසයියා පාර්තිපන් උතුරු නැගෙනහිර දෙපළාත තුළ අනුස්මරණය කර තිබේ.

මාරාන්තික උපවාසයක යෙදී සිටියදී මිය ගිය තිලීපන් සැමරීම සඳහා යාපනය, නල්ලුර් කන්දසාමි කෝවිල අසල ඉදිකර තිබු 2010 දී රජයේ ආරක්ෂක අංශ විසින් කඩා බිඳ දමන ලද තිලීපන්ගේ ස්මාරකය ඉදිරිපිට දී ඔහුගේ 38 වැනි මරණ සංවත්සරය මහත් ජන සහභාගිත්වයකින් යුතු පුෂ්පදීප උපහාරයකින් සැප්තැම්බර් 26 වැනි සිකුරාදා පැවැත්විණි.

විමුක්ති කොටි සංවිධානයේ නැසීගිය සාමාජිකයකුගේ මවක් විසින් උදෑසන 10.48 ට පහන් පත්තු කරමින් අනුස්මරණය ආරම්භ කර තිබුනේ තිස් අට වසරකට පෙර තිලීපන් අවසන් හුස්ම පොද හෙලු වේලාව සිහිපත් කරමිනි. තිලීපන් අවසන් හුස්ම හෙලු ස්ථානයේදී ද එම මොහොතේ පහන් දල්වා තිබේ.

තිලීපන් අනුස්මරණ සතියට සමගාමීව විදි සංචාරය කළ රථ කිහිපයක්ද 2025 සැප්තැම්බර් 26 සිකුරාදා පෙරවරුවේ නල්ලුර් පිහිටි තිලීපන් ස්මාරකය අසලට ලඟා වු බව පවසති.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ යාපනයේ පොක්කනෙයි මාර්ගය තිලිපන් නමින් නම් කිරීමට ද වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශිය සභාව සැප්තැම්බර් 25 වැනිදා යෝජනාවක් සම්මත කරගත් බවයි.

පසුගිය කාලය පුරා දකුණේ අරගලකරුවන් ද පෙළීමට යොදාගෙන තිබෙන ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහිව 38 වසරකට ඉහතදී තිලීපන් සටන් වැදී තිබුණි.

සිංහල හමුදා කඳවුරු දෙමළ පළාත් වලින් ඉවත් කර ගැනීම, දෙමළ ජනතාවගේ පළාත්වල තාවකාලික දෙමළ ආණ්ඩුවක් පිහිටුවන තෙක් පුනරුත්ථාපන වැඩ තාවකාලිකව අත්හිටුවීම, දෙමළ ජනතාවට අයිති ගම් පළාත්වල සිංහලයන් පදිංචි කරවීම කරගෙන යාම නැවැත්වීම, දෙමළ පළාත්වල සිංහල පොලිස් ස්ථාන පිහිටුවීම නතර කිරීම සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිස් ආරක්ෂක මූලස්ථාන වල සිටින දේශපාලන රැඳවුම්කරුවන් වහා නිදහස් කිරීම ආදී ඉල්ලීම් ඉදිරිපත් කරමින් 1987 සැප්තැම්බර් 15 වනදා තීලිපන් උපවාසයක් ආරම්භ කළේය.

යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට උපවාසයක යෙදී සිටියදී තිලීපන් මිය ගියේ 1987 සැප්තැම්බර් 26 වෙනිදා ය.

නෙඩුන්තිව්, මන්නාරම හා අම්පාරේදී සැප්තැම්බර් 26 වැනි සිකුරාදා තීලීපන් සිහි කරමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) විසින් අනුස්මරණ කිහිපයක්ම සිදු කර තිබේ.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පාර්ලිමේන්තු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් සැප්තැම්බර් 15 වැනිදා මුලතිව්හිදීත්, සැප්තැම්බර් 26 වැනිදා කොළඹදීත් රාසයියා පාර්තිපන් අනුස්මරණය කිරීමට කටයුතු කර ඇත.

යාපනය විශ්වවිද්‍යාල සිසුන්, වේලනෙයි දුපතේ අනුස්මරණ කමිටුව, පේදුරුතුඩුව ජනතාව හා මඩකලපුව, මාවඩිවේම්බු ප්‍රදේශයේ ජනතාවද සැප්තැම්බර් 26 වැනිදා රාසයියා පාර්තිපන් අනුස්මරණ සිදු කර තිබේ.

දෙමළ ජාතික ජනතා පෙරමුණ විසින් 2025 සැප්තැම්බර් 18 වැනිදා වව්නියාව මහ නගර සභාව ඉදිරිපිට ස්ථිපිත කර ඇති පොන්ගු තමිල් ස්මාරකය ඉදිරිපිටදී හා ත්‍රිකුණාමලය දෙමළ ජාතික ක්‍රියාකාරීන් සැප්තැම්බර් 19 වැනි දින ත්‍රිකුණාමලයේදීත් තිලීපන් අනුස්මරණය කළ බවයි.

දෙමළ විමුක්ති අරගලය වෙනුවෙන් දිවිදුන් තිලීපන්ගේ ජීවිතය අලලා ඔහු වෙනුවෙන් යාපනයේ ඉදිකරන ලදුව යුද හමුදාව විසින් කඩා බිඳ දමන ලද ස්මාරකය අබියසදී පසුගිය සතියක කාලයක් පුරා ප්‍රදර්ශනයක්ද පවත්වා තිබුනි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments