මුහම්මද් නබිනායක සල්ලාල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ 1500වන ජන්ම දිනය නිමිත්තෙන් සර්ව ආගමික නායකයින්ගෙන් මිලාදුන් නබි සුභ පැතුම් පණිවිඩය !
අද, 2025 සැප්තැම්බර් 5 වැනිදා, මුහම්මද් නබි (සල්ලාල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ 1500 වැනි ජන්ම දිනය වන මෙම ගෞරවනීය දිනයේදී, ජාතික අන්තර් ආගමික පූජක එකමුතුවේ සර්ව ආගමික නායකයින් වන පූජ්‍ය ශාස්ත්‍රපති ආචාර්ය ගලගම ධම්මරන්සි නායක හිමි, සිව ශ්‍රී ආචාර්ය බාබුෂර්මා කුරුක්කල්, අල්-හාජ් අශ්-සෙය්යිද් ආචාර්ය හසන් මව්ලානා අල්-කාදිරි සහ ආචාර්ය ගරු නිෂාන් සම්පත් කුරේ පියතුමා ඇතුලු සර්වාගමික නායකයින් මිලාදුන් නබි (උපන් දිනය) සුභ පැතුම් එක්කර සිටිති.
නබි (සල්ලාල්ලාහු අලයිහි වසල්ලම්) තුමානන්ගේ කරුණාව, සාමය, සහනශීලීත්වය සහ ප්‍රේමය පිරුණු ජීවිත මාර්ගය, අද අපි මුහුණපාන සමාජමය අභියෝගයන්ට විසඳුම් වශයෙන් දීපයෙන් දිලිසෙන ආලෝකයක් වන්නේය.
එය අපට අවශ්‍ය සහජීවනය, ආගම් අතර සමගිය සහ එකිනෙකාට ගරුකම් දැක්වීම වර්ධනය කරන මඟපෙන්වීමක් ලෙස සලකා, සියලුදෙනාටම සුභමුසු මිලාදුන් නබි දිනයක් වේවායි යන්න තිවුන් ආශිර්වාද සමඟ ප්‍රකාශ කරති.
මෙම ඉතිහාසමත් දිනයේදී, නබි (සල්ලාල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ උතුම් ගුණාංග සහ ජීවිත මාර්ගය අනුගමනය කරමින්, බහුජන, බහු ආගමික සමාජයක් වන ලංකාවේ, සාමය, සහජීවනය සහ සමාජ සමගිය වර්ධනය කරමින් ඒකමුතුවෙන් ජීවත් වෙමු.
මීට ජාතික අන්තර් ආගමික පූජක එකමුතුව සර්ව ආගමික නායකයින්.



