ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ බස් අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වී තිබේ.
මෙහි ඇති පුදුමයට කාරණය වන්නේ මීට වසර 23 කට ඉහතදීද හරියටම මේ කියන වේලාවට මෙම ස්ථානයේම බස් රථයක් පෙරළී ජීවිත 21ක් අහිමිවීමය.
ඊයේ රාත්‍රී 09.00ට පමණ වැල්ලවාය දෙසට ධාවනය වූ බස් රථයක් ඉදිරියෙන් පැමිණි ජිප් රථයක හා මාර්ගයේ ආරක්ෂිත යකඩ වැටෙහි ද ගැටී අඩි 1000 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදු වුණා.
මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් පුද්ගලයිත් 18 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
තුවාල ලැබූවන් අතර 08 දෙනෙකුගේ තත්ත්වය ඉතා බරපතල බව බදුල්ල රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ සඳහන් කරයි.
තුවාල ලැබූවන්ගෙන් බහුතරයක් අත්පා අහිමි වී ඇති බවද වෛද්‍ය පාලිත රාජපක්ෂ පැවසුවේය.
තුවාල ලැබුවන් අතර කුඩා දරුවන් 8දෙනෙක් සිටින අතර ඔවුන්ගේ තත්ත්වයන් බරපතල නොවන බවද හෙතෙම පැවසුවේය.
පොලීසිය පැවසුවේ, මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 9 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකු සිටින බවයි.
පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එම පිරිසට ළමුන් 5 දෙනෙකුද අයත් වනවා.
විනෝද චාරිකාවක් ගොස් යළි පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් පෙරළී මෙම අනතුර සිදුවී ඇති බව පොලීසිය සඳහන් කළා.
මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් රැගත් බස් රථයක්.



