තන්තිරිමලේ පහළ මල්වතුඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු ඇණහිට ඇත.
සැපයුම්කරුවන් වෙත ජූලි 25 වනවිට අදාල කටයුතු ආරම්භ කිරීමට අවශ්‍යය යන්ත්‍රෝපකරණ සියල්ල සපයන ලෙසත්,එසේ සැපයීමට අපොහොසත් වුවහොත් අනෙක් සැපයුම්කරුවන් වෙත අවස්ථාව ලබාදෙන බව පවසමින් ලිපි මගින් දැනුම්දී ඇත.
සැපයුම්කරුවන් ඊට අනුව කටයුතු කර ඇත.එහෙත් මාස 3කට ආසන්න වුවද ව්‍යාපෘතියේ කිසිදු කටයුත්තක් සිදුනොවන බව වාර්තා වෙයි.
ඒ හේතුවෙන් සැපයුම්කරුවන් තම යන්ත්‍ර සූත්‍ර ගාල් කර ඇත.ඒවාට අවශ්‍යය ඉන්ධන වෙනුවෙන් විශාල මුදලක් වැයකර ඇති බව සඳහන්.ඒවායේ සේවකයින්ට වැටුප්,ආහාරපාන වියදම් සහ නවාතැන් පහසුකම් සපයන්නේ කිසිදු වැඩක් සිදුනොවන පසුබිමකයි.
සැපයුම්කරුවන් බරපතළ අසාධාරණයකට මුහුණ දී සිටියි.මේ තත්වය සැලවීමෙන් පසු එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ වසන්ත සමරසිංහ අමාත්‍යවරයා වහාම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කරන ලෙස නියෝග කර ඇත.
අවශ්‍යය සියලු මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකෙරෙන්නේ මන්ද, ව්‍යාපෘතිය භාර ඉංජිනේරු ජී.සී.වැලිවිටගේ අකාර්යක්ෂම වැඩපිළිවෙළ නිසා බවට චෝදනා එල්ල වී තිබේ.බළධාරීන්ගේ කඩිනම් අවධානයට යොමුවිය යුතු කරුණකි.



