ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව සිය තීරණය ඉදිරියේදී දැනුම් දෙන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.
හෙට දිනයේ එම තීරණය දැනුම් දෙන බවට ආරංචි මාර්ග අනාවරණය වුවද,හෙට දිනයේ කතානායකවරයා සිය ස්ථාවරය ප්‍රකාශ නොකර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් කැඳවා එහිදී තීරණයක් ගැනීමට නියමිත බව සඳහන්.
මෙම විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තු කටයුතු සඳහා ඉදිරියට නොගෙනම ප්‍රතික්ෂේප කළ හැකි බැවින් එලෙස කරන ලෙස ආණ්ඩු පක්ෂය විසින් කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණද,එසේ සිය අභිමතය පරිදි කටයුතු නොකර සිටීමට කතානායකවරයා තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
හෙට දහවල් පැවැත්වෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම විශ්වාස භංග යෝජනාව පිළිබඳව අවසන් තීරණය ගනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග අනාවරණය කරයි.



