Homeදේශීයයුද අපරාධකරුවන් රටට ඇතුළුවීම වැළැක්විය යුතුයි

යුද අපරාධකරුවන් රටට ඇතුළුවීම වැළැක්විය යුතුයි

2023 ඔක්තෝම්බර් මස ආරම්භ වූ පලස්තීන ජනතාවට එරෙහි ජන සංහාරය සම්බන්ධයෙන් සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය මඟින් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.

සමස්ත ලංකා ජමියතුල් උලමා (ACJU) හි වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම ප්‍රකාශ නිකුත් කර තිබේ.එහිදී සභාපති මුෆ්ති එම්.අයි.එම්. රිස්වි සහ මහලේකම් අෂ්-ෂෙයික් එම්. අර්කාම් නූරාමිත් විසින් අත්සන් කරන ලද මෙම ප්‍රකාශය, ලොව පුරා මුස්ලිම් නායකයින්ට සහ රජයන්ට, ජාත්‍යන්තර ප්‍රජාවට සහ ලෝක නායකයින්ට, ගෝලීය සිවිල් සමාජයට සහ ශ්‍රී ලංකා රජයට ඉල්ලීම් සහ ආයාචනා කරයි.

ජාත්‍යන්තර නීතියට අනුකූලව සිය වාඩිලෑම අවසන් කරන තෙක් සියොන්වාදී සංවිධානය සමඟ ඇති සියලුම රාජ්‍ය තාන්ත්‍රික, දේශපාලනික, වාණිජ හා සංස්කෘතික සබඳතා වහාම නතර කර යුතු බව සංවිධානය මඟින් දැනුම්දෙයි.

ගාසා තීරයේ , පලස්තීනයේ හා අනෙකුත් ප්‍රදේශවල යුද අපරාධ, ජන සංහාරය හෝ සිවිල් වැසියන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වූ සියලු පුද්ගලයන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය හා අනෙකුත් ගෝලීය සංවිධාන තුළ පලස්තීනය ස්වයං නිර්ණ අයිතිය සඳහා අඛණ්ඩව බලපෑම් කරන ලෙසත්; සියොන්වාදී පාලකයින් ඔවුන් සිදු කළ අසාධාරණකම් සඳහා වගකිව යුතු බවත්, සියොන්වාදයට එරෙහිව ඡන්දය ලබා දෙන ලෙසත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments