Homeදේශීයඅන්තරේ කැඳවුම්කරු සසිඳුද/මධුෂාන්ද?

අන්තරේ කැඳවුම්කරු සසිඳුද/මධුෂාන්ද?

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය යන නමින් ශිෂ්‍ය සංවිධාන දෙකක් ක්‍රියාත්මක වන තත්වයක් මේ වන විට මතුව තිබෙනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයට අයත් Inter University Students’ Federation පිටුවට සමාන ආකාරයකින් නිර්මාණය කර තිබූ නව ෆේස් බුක් පිටුවකින් ඊයේ දිනයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සසිදු පෙරේරා එහි කැදවුම්කරු ලෙස නම්කළ බව නිවේදනය කර තිබුණා.

මධුෂාන් චන්ද්‍රජිත් කැඳවුම්කරු තනතුර දරන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය එලෙසම ක්‍රියාත්මක වන අතර, සසිඳු පෙරේරා නමැති ශිෂ්‍යයෙකු මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර ඇත්තේ තමා අලුතින් ආරම්භ වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු බවයි.

පේරාදෙණිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය, ජයවර්ධනපුර මහා ශිෂ්‍ය සංගමය, කොළඹ මහා ශිෂ්‍ය සංගමය, ශිෂ්‍ය සංගමය ශ්‍රී පාලි මණ්ඩපය, කැලණිය විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය, මොරටුව මහා ශිෂ්‍ය සංගමය, මොරටුව විශ්වවිද්‍යාල තාක්ෂණ ආයතන ශිෂ්‍ය සංගමය, වවුනියාව විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය ඌව වෙල්ලස්ස විද්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය, අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍ය සංගමය ඉංජිනේරු ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ශිෂ්‍ය සංගමය ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය ශිෂ්‍ය සංගමය, අග්නිදිග ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය වයඹ කෘෂිකර්ම ශිෂ්‍ය සංගමය තමා සමඟ එක්ව ඇති සසිඳු පෙරේරා එහිදී සඳහන් කළා.

ඔහු තවදුරටත් පෙන්වා දුන්නේ, ලංකාවේ මේ වන විට ක්‍රියාත්මක අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අවස්ථාවට අනුකූලව හැඩ ගැසීමට මැලි කමක් දක්වන බව පෙනෙන්නට ඇති අතර එය ජනතාවගෙන් ප්‍රතික්ෂේප වී ඇති බවයි.

ඒ අනුව, ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයට නව පන්නරයක් දෙමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය “ප්‍රතිව්‍යුහගත” කිරීමට පියවර ගත් බවද සසිඳු පෙරේරා මෙහිදී පවසා සිටියා.

මේ අතර, මෙතෙක් ක්‍රියාත්මක අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සරසවි ශිෂ්‍ය නායකයෙන් යැයි කියාගත් තම රූකඩ යොදා ගනිමින් ශිෂ්‍ය ව්‍යාපාරය තුළ ව්‍යාකූලත්වයක් ඇති කිරීමට ආණ්ඩුව නිර්ලජ්ජිත උත්සාහයක නිරත වන බවයි.

ඒ සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කීර්තිමත් නාමයත්, නිළ ලාංඡන සහ ලිපි ශීර්ෂ ද යොදා ගනිමින් ඇති බවද එම මණ්ඩලය අවධාරණය කරනවා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය තවදුරටත් සඳහන් කර ඇත්තේ, ව්‍යාජ ප්‍රවෘත්ති සහ අදහස් වලට නොරැවටී වත්මන් ආණ්ඩුව ගෙනයන තිරස්චීන වැඩපිළිවෙළ පරාජය කිරීම සඳහා පෙරට එන ලෙස මෙරට සියළු විශ්වවිද්‍යාල ප්‍රජාවගෙන් සහ රටේ පොදු ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments