Homeදේශීයකුරුණෑගල බණ්ඩාරනායක විදුහලට විදුහල්පති පත්නොකරන්නේ ඇයි?

කුරුණෑගල බණ්ඩාරනායක විදුහලට විදුහල්පති පත්නොකරන්නේ ඇයි?

කුරුණෑගල එස් ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ධූරය සඳහා පැවති සම්මුඛ පරීක්ෂණයේ සුදුසුකම් ලැබූ පුද්ගලයා වෙත පත්වීම ලබා නොදෙන තත්ත්වයක් වාර්තා වී තිබේ.

සම්මුඛ පරීක්ෂණය පවත්වා මාසයක කාලයක් ඉක්මවා ගොස් තිබියදීත්,වයඹ පළාත් සභා පාසල් වල පුරප්පාඩු සඳහා විදුහල්පති ශ්‍රේණිධාරීන් ස්ථානගත කිරීමේ පරිපාටිය මුළුමනින්ම උල්ලංඝනය කරමින් මෙම සිදුවීම සිදුවන බව වාර්තා වෙයි.

දැනට කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ලෙස සේවය කරන ඩබ්ලිව්.ඒ.ජේ.එස් වනසිංහ මහතා මෙම අසාධාරණයට ලක්ව සිටියි.

සිය අසාධාරණය පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අග්‍රාමාත්‍යවරිය වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු බලධාරීන් රැසකගේ අවධානයට යොමු කර ඇතත්,ඔහුට මේ වනතෙක් කිසිදු සාධාරණයක් ඉටු වී නැත.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments