2022 පැවති ජන අරගලයට තමන් සහය දැක්වූයේ ඊජිප්තුවේ හෝ ටියුනිසියාවේ පැවති විප්ලවය බඳු විප්ලවයක් අනාගතයේ දී අපේ රටෙහි ද ඇති වෙතැයි යන විශ්වාසයෙන් යැයි දේශපාලන විශ්ලේෂක මහේෂ් හපුගොඩ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති ”දිනන දකුණ” සම්මන්ත්‍රණය අමතමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මහේෂ් හපුගොඩ පැවසුවේ ඒ මොහොතේ අරගලය හයිජැක් කළ රනිල් කළේ ලෙනින් කළා හා සමාන ක්‍රියාවක් බවයි.