Homeදේශීයඅල්ලසට, දූෂණයට හවුල් නැත්තන් රාජ්‍යය සේවකයින් බයවෙන්න එපා

අල්ලසට, දූෂණයට හවුල් නැත්තන් රාජ්‍යය සේවකයින් බයවෙන්න එපා

අල්ලස දුෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නැතැයි අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අර්ධ රාජ්‍ය විධායක නිලධාරීන්ගේ දෙවැනි වාර්ෂික මහ සභා රැස්වීමට එක්වෙමිනි.

අර්ධ රාජ්‍ය විධායක නිලධාරීන්ගේ දෙවැනි වාර්ෂික මහ සභා රැස්වීම කොළඹ පදනම් ආයතයේදී පැවැත්වුණේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ අල්ලස් ලබා ගන්නා සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කිරීමේදී බොහෝ පිරිසකට නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති නමුත් ලොව කිසිදු රටක නීතිය ක්‍රියාත්මක කළ පමණින් මෙය විසඳිය නොහැකි බවය.

මේ හේතුවෙන් රට තුළ ආකල්පමය වෙනසක් ඇතිවිය යුතු බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා,

“ඔබට මට දෙන්න තියෙන්නේ ඉතාම සරල උත්තරයක්. ඔබ සත්භාවයෙන් සිදුකරන කිසිම දෙයක් වෙනුවෙන් මේක අදාළ වෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි අපි වෙනස් කරගත යුතු ලක්ෂණයක් තියනවා රජයේ සේවකයින්ට ඒ තමයි දේශපාලනඥයෝ කියන දේ කරන්නේ නැති රාජ්‍ය සේවයක් හදාගන්න. එහෙම වුණෙත් නෑ එහෙම වෙයිද කියන්න අපි දන්නෙත් නෑ. කවුරුහරි කියුවොත් ඇමතිතුමා කියුවා ඒ නිසා මේක කළා කියලා ඔහු මේ වරදට වගකීම දැරිය යුතු නැහැ. සමහර රාජ්‍ය සේවකයෝ මම දන්නවා මේක වැරදියි කියලා නමුත් මට මේක කරන්න සිද්ධ වෙනවා කියලා ලොග් පොතේ හරි සටහන් තියලා තියෙනවා. ඒ නිසා මට දෙන්න තියන පණිවිඩය එහෙම මිනිස්සු අපි අත්අඩංගුවට අරන් නෑ.”

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments