Homeදේශීයඅෂාරා මුබාරක් කොළඹදී

අෂාරා මුබාරක් කොළඹදී

මේ දිනවල ශ්‍රී ලංකාවට බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ දහස් ගණනක් පැමිණ සිටිති.

වීසා ගැටළු හේතුවෙන් චෙන්නායි හි පැවති ප්‍රධාන ආගමික උත්සවයට සහභාගී වීමට බෝරා ප්‍රජාවේ විශාල පිරිසකට නොහැකි විය.

විශේෂයෙන් පාකිස්ථාන බෝරා ප්‍රජාවට ඉන්දියාවට යෑමේදී ප්‍රශ්න ඇතිවිය.

එමනිසා ගෝලීය බෝරා ප්‍රජාව වෙනුවෙන් ඔවුන්ගේ වාර්ෂික උත්සවය අෂාරා මුබාරක් සමරමින් මෙවර කොළඹදී විශේෂ සමුළුවක් සංවිධානය කර ඇත.

ඉස්ලාමීය දින දර්ශනයේ පළමු මාසය වන මුහර්රම් මාසයේ දහවන දින සිරියාවේ කැරලිකාර කලීෆ්වරයකුගේ හමුදාවන් අතින් ඉරාකයේ කර්බාලා හි මුහම්මද් නබිතුමාගේ මුනුපුරාගේ ප්‍රාණ පරිත්‍යාගය සැමරීම සඳහා දින දහයක කාල පරිච්ඡේදයක් බෝරාවරු වාර්ෂිකව වෙන්කරති.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments