පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සඳහා වන මිලදී ගැනීමේ ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්ති සහ තීරණ වෙනුවෙන් පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ගේ සම්මේලනය විරෝධය පළ කර තිබේ.
මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සම්මේලනය පැවසුවේ රජය විසින් ගනු ලැබූ මෙම තීරණය හේතුවෙන් සමස්ත පුනර්ජනනීය බලශක්ති අංශය අස්ථාවර කිරීමටත් ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ දැමීමටත් සහ මෙරට පිරිසිදු බලශක්ති ඉලක්ක අනතුරේ හෙළීමටත් තර්ජනය කිරීමක් බවය.
එම සම්මේලනය පෙන්වා දෙනුයේ බලධාරීන්ගේ මෑත කාලීන ක්‍රියා මගින් පුනර්ජනීය බලශක්ති සංවර්ධනයේ වසර ගනනාවක් පුරා ලබා ගත් ප්‍රගතිය කඩාකප්පල් කිරීමටත් සිය කර්මාන්තය දැඩි ආර්ථික හා සාමාජීය ප්‍රතිවිපාක සහිත අවිනිශ්චිත අනාගතයකට ඇද දැමීමට තැත් කරන බවය.
එමෙන්ම විදුලිය මිලදී ගැනීමේදී මිල දැඩි ලෙස අඩු කිරීම කර්මාන්තයේ ස්ථාවරත්වයට හානි කරන බවත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා සංශෝධිත මිලදී ගැනීම් ගාස්තු හඳුන්වා දුන් මෑත කාලීක කැබිනට් පත්‍රිකාව මගින් ඉදිරි කාලයේදී රැකියා අහිමි වීම් සහ ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ වැටීම් ඇති කරනු ඇති බවත් එම සංගමය පෙන්වා දී තිබේ.