Homeදේශීයපුද්ගලයෙකුට මූලික අවශ්‍යතාවයන්ට අවම වශයෙන් මසකට රු. 16,342 ක් අවශ්‍යයි

පුද්ගලයෙකුට මූලික අවශ්‍යතාවයන්ට අවම වශයෙන් මසකට රු. 16,342 ක් අවශ්‍යයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2025 අප්‍රේල් මාසය සඳහා නිකුත් කර ඇති නිල දරිද්‍රතා රේඛා සංඛ්‍යාලේඛනවලට අනුව පුද්ගලයෙකුට මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා අවම වශයෙන් මසකට රු. 16,342 ක් අවශ්‍ය බව අනාවරණය වී තිබෙනවා.

එම දත්ත වලට අනුව, මූලික මාසික අවශ්‍යතා සපුරාලීම සඳහා ඉහළම පිරිවැය කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය රු. 17,625 ක් ලෙස සටහන් වෙනවා.

අඩුම පිරිවැය මොනරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය සටහන් වන්නේ රු. 15,626 ක් ලෙසයි.

දරිද්‍රතා රේඛාව මූලික ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා සපුරාලීම සඳහා පුද්ගලයෙකුට අවශ්‍ය අවම වියදම නියෝජනය කරනු ලබනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments