Homeදේශීයරාජ්‍ය ආයතන හතරක මුල්පුටු වලට අනුමතිය

රාජ්‍ය ආයතන හතරක මුල්පුටු වලට අනුමතිය

රාජ්‍ය ආයතන හතරක සභාපතිවරු පත් කිරීමට අදාළව උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමතිය හිමිවිය.

ඒ එම කාරක සභාව ආචාර්ය හරිනි අමරසූරිය අග්‍රාමාත්‍යවරියගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය.

මේ අනුව සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ (ETF) සභාපතිවරයා ලෙස සෝමසිරි ඒකනායක, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ලෙස බී. ඒ. පී. කේ. ආර් බමුණු ආරච්චි, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස එම්. ආර්. එච් ස්වර්ණතිලක සහ පරන්තන් කෙමිකල්ස් සමාගමේ සභාපතිවරයා ලෙස එස්. නේසරාජන් යන මහත්වරුන්ගේ පත්කිරීම්වලට මෙසේ කාරක සභාවේ අනුමතිය හිමිවිය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments