Homeදේශීයහර්ෂනගේ අවසන් පාර්ලිමේන්තු දිනය අදද

හර්ෂනගේ අවසන් පාර්ලිමේන්තු දිනය අදද

මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ මුදල් අමාත්‍යංශයේ ‍ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා විසින් තීන්දු කර ඇතැයි විශ්වාසන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

මහා භාණ්ඩාගාර ලේකම් මුදල් අමාත්‍යංශ ලේකම් ලෙස කටයුතු කළ මහින්ද සිරිවර්ධන පෙරේදා විශ්‍රාම ගිය අතර ආචාර්ය හර්ෂණ පත් කිරීමට යන්නේ මෙකී පුරප්පාඩු වූ තනතුර සඳහා වේ.

මේ අනුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වූ හර්ෂණ සූරියප්පෙරුම එකී ධූරයෙන් ඉවත් වී සඳුදා දිනයේ මුදල් අමාත්‍යංශයේ වැඩ බාර ගැනීමට නියමිත බව පැවසේ.

පුරප්පාඩුවන ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා පෞද්ගලික ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය සඳහා පත් කිරීමට නියමිත බව ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments