Homeදේශීයයුදෙව් රබ්බිවරුන් පස්දෙනෙකු අත්අඩංගුවට.

යුදෙව් රබ්බිවරුන් පස්දෙනෙකු අත්අඩංගුවට.

සංචාරක වීසා මත මෙරටට පැමිණ ව්‍යාපාර කටයුතුවල නිරත වූ ඊශ්‍රායල ජාතිකයන් තිදෙනකු ඇතුළු යුදෙව් රබ්බිවරුන් පස්දෙනෙකු ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් මීරිගම ප්‍රදේශයේ කුකුළු මස් සැකසුම් කම්හලක කුකුළු නිෂ්පාදන සකස් කරමින් සිටි ඇති අතර ඔවුන් යුදෙව් නීතියේ අවශ්‍යතා අනුව කුකුළු නිෂ්පාදන සෑදීමේ කොෂර් සම්ප්‍රදාය ක්‍රියාත්මක කරන බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මේ සම්බන්ධයෙන් නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කුකුළු මස් සැකසුම් කම්හලක් වටළා එම යුදෙව් රබ්බිවරුන් පස්දෙනා අත්අඩංගුවට ගැනුණි.

අත්අඩංගුවට ගැණුනු පිරිසෙන් තිදෙනකු ඊශ්‍රායල ජාතිකයන් වන අතර අනෙක් දෙදෙනා ඕස්ට්‍රේලියාවෙන් සහ ඉතාලියෙන් පැමිණ ඇතැයි අනාවරණ වී තිබේ.

කෝෂර් විසින් සිදුකරන ලද මස් පසුව ප්‍රාදේශීය චබාද් නිවාසවල යුදෙව් ආගමික මධ්‍යස්ථාන විසින් මිල දී ගෙන, යුදෙව්වන් වැඩිපුර ගැවසෙන ජනාකීර්ණ වෙරළබඩ නගරයක් වන ආරුගම්බේ වෙත ප්‍රවාහනය කිරීමට නියමිතව තිබී ඇතැයි ද අනාවරණ වී ඇත.

ඩේලි මිරර් පුවත්පත ආගමන විගමන නිලධාරියෙකු උපුටා දක්වමින් පැවසුවේ, සැකකාර ඊශ්‍රායල ජාතිකයන්ගෙන් දෙදෙනකු මාර්තු සහ මැයි මාසවලදී මෙරටට පැමිණ ඇති අතර, ඉතිරි පිරිස ජුනි මස මුල් සතියේ පැමිණ ඇති බවයි.

යුදෙව් සූපශාස්ත්‍ර සම්ප්‍රදායට අදාළ ආගමික වතාවත් සිදුකිරීම ශ්‍රී ලංකාව තුළ නීතිවිරෝධී නොවන නමුත් සංචාරක වීසා බලපත්‍රයක් සහිතව පැමිණ ව්‍යාපාරයක එවැනි ක්‍රියාකාරකම් සිදුකිරීම නීතිවිරෝධී ක්‍රියාවකි.

විදේශීය ආගමිකයන් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට පෙර ආගමික කටයුතු අමාත්‍යාංශයෙන් පූර්ව අවසරයක් ලබාගත යුතු බැවින් මෙවැනි ක්‍රියාකාරකමක් රට තුළ අනාවරණය වූ පළමු අවස්ථාව මෙයයි.

විදේශිකයන්ට එවැනි කටයුතු සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් අවම වශයෙන් ව්‍යාපාරික වීසා බලපත්‍රයක් ලබාගත හැකිව තිබුණු නමුත් ඔවුන් එසේ කර නොතිබිණ.

අත්අඩංගුවට ගත් විදේශිකයන් පිරිසගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් රටින් පිට කිරීමට නියමිතය.

RELATED ARTICLES

Most Popular

Recent Comments