බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති සහ නියෝජ්‍ය නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා වූ පළමු රැස්වීම ඌව පළාත් පාලන කොමසාරිස් හේමන්තා දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද පෙරවරුවේ බණ්ඩාරවල මහ නගර සභාවේදී පැවැත්විණි.
එහිදී බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජනබල වේගය සමත්ව තිබේ.
ඒ අනුව, නගරාධිපතිවරයා ලෙස තේරි පත්ව ඇත්තේ, ජාතික ජනබල වේගයේ නාගරික මන්ත්‍රී රත්නායක මුදියන්සේලාගේ සාගර ධීර විශ්වවික්‍රම මහතායි.
ඔහු නගරාධිපතිවරයා ලෙස පත්වන්නේ, අද පැවැති ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද 04ක් ලබා ගනිමින්ය.
නගරාධිපතිවරයා ලෙස පත් වූ සාගරධීර විශ්ව වික්‍රම මහතාට ජාතික ජන බලවේගයේ ඡන්ද 06 සමග ස්වාධීන කණ්ඩායම් අංක 02 තේරී පත් වූ මන්ත්‍රීවරයාගේ ඡන්දය සහ ස්වාධීන කණ්ඩායම් අංක 01 න් පත් වූ එක් මන්ත්‍රීවරයෙකුගේ ඡන්දය හිමි විය.
උප නගරාධිපති ලෙස ස්වාධීන කණ්ඩායම් අංක 01 ශ්‍රීකාන්ත් නන්ද මහතාගේ නම ජාතික ජන බලවේගය විසින් යෝජනා කළ අතර ඔහුටද නගරාධිපතිවරයාට හිමිවු ඡන්ද අටම හිමිවිය.
බණ්ඩාරවෙල මහ නරග සභාව සඳහා ජාතික ජන බලවේගයට මන්ත්‍රී ධුර 06 හිමිවූ අතර ස්වාධීන කණ්ඩායම් අංක එක සඳහා මන්ත්‍රී ධූර 05ක් හිමිවිය.
සමගි ජන බලවේගය සඳහා එම මහ නගර සභාවේ මන්ත්‍රී ධුර 03ක් හිමිව තිබුණි.
මීට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායම 02කට එක් මන්ත්‍රී ධුරය බැගින් හිමිවිය.