Homeදේශීයමහින්දානන්දට විශ්‍රාම වැටුප හිමියි

මහින්දානන්දට විශ්‍රාම වැටුප හිමියි

බරපතළ වැඩ සහිතව වසර විස්සක කාලයක් සිර දඬුවම් ලබා සිටින මහින්දානන්ද අලුත්ගමගේ හිටපු අමාත්‍යවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප කප්පාදුවකින් තොරව දිගටම හිමිවනු ඇතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප පනත අනුව දඬුවම් විඳින මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමිවන බවට කිසිදු සඳහනක් නොමැත.

ඒ අනුව වසර 10කට වැඩි කාලයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ මහින්දානන්ද අලුත්ගමගේ මහතාට රුපියල් 54,000ක් වන වැටුපෙන් 2/3ක ප්‍රමාණයක් වන රුපියල් 36,000ක මුදලක් හිමි වෙයි.

කෙසේ නමුත් හිටපු ඇමති නලින් ප්‍රනාන්දුගේ පාර්ලිමේන්තු කාලය වසර පහකට අඩු හෙයින් ඔහුට විශ්‍රාම වැටුපක් හිමි නොවේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments