Homeජාත්‍යන්තරජපාන කෘෂිකර්ම ඇමති ඉල්ලා අස්වෙයි

ජපාන කෘෂිකර්ම ඇමති ඉල්ලා අස්වෙයි

සහල් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් හේතුවෙන් තමාට එල්ල වී ඇති විවේචන මැද ජපාන කෘෂිකර්මාන්ත අමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දේශපාලන රැස්වීමකදී, තමාට කිසිදු දිනක සහල් මිලදී ගැනීමට අවශ්‍ය නොවූ බවත්, තමාට අවශ්‍ය තරම් සහල් සිය ආධාරකරුවන්ගෙන් ත්‍යාග ලෙස ලැබුණ බවත් ජපාන කෘෂිකර්මාන්ත අමාත්‍ය ටකූ එටෝ මහතා පවසා තිබුණා.

ඔහු මෙම ප්‍රකාශය සිදු කර ඇත්තේ, ජපානයේ සහල් මිල දරාගත නොහැකි මට්ටමක් දක්වා වර්ධනය වී ඇති පසුබිමක වන අතර එම ප්‍රකාශය විරුද්ධ පක්ෂ සාමාජිකයින්ගෙන් සහ පාලක පක්ෂයේ ඇතැම් පාර්ශවයන්ගේද දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

ජපාන කෘෂිකර්මාන්ත අමාත්‍යවරයා සිය ඉල්ලා අස් වීම අගමැති කාර්යාලයට භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් සඳහන් කර තිබුණේ, පුරවැසියන් ඉහළ යන සහල් මිල ගණන් වලින් පීඩා විඳින අවස්ථාවක තමා අතිශයින්ම උචිත නොවන, නුසුදුසු ප්‍රකාශයක් කර ඇති බවයි.

පසුගිය වසරේ සිටම ජපානයේ සහල් මිළ දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති අතර, මාර්තු මාසයේ සිට මිල පාලනය කිරීමට එරට රජය පියවර ගෙන ඇතත් මෙතෙක් එයින් කිසිදු ප්‍රතිඵලයක් ලැබී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments