Homeදේශීයසභාපතිවරු පත්කරන්නත් කලින් බලය අතට අරන්

සභාපතිවරු පත්කරන්නත් කලින් බලය අතට අරන්

වත්මන් රජයේ 2025 අයවැය යෝජනා අනුව කැළණිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ලෙන් ඔබ්බට අදියර වශයෙන් දීර්ඝ කිරීමට අවශ්‍ය මුලික කටයුතු සදහා රුපියල් මිලියන 250 ක්‌ වෙන්කර ඇත.

එහි මුලික අදියර වශයෙන් අවිස්සාවේල්ල දුම්රිය ස්ථානයේ සිට අවිස්සාවේල්ල බස් නැවතුම්පොල දක්වා දුම්රිය මාර්ගය දීර්ඝ කිරීම පිළිබදව රැස්වීමක් දුම්රිය සාමාන්‍යධිකාරීගේ ප්‍රධානතවයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය,නාගරික සංවර්ධන අධිකාරිය, සීතාවක නගර සභාව, ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම්වරිය, පත්වීමට නියමිත අභිනව ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති,හා අනිකුත් රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථක සාකච්චාවක් පැවැත්වූ අතර ප්‍රවාහන අමාත්‍යංශය විසින් මෙම කොටසේ ඉදිකිරීම් කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරන ලෙස සියලු නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

දැනට භූමිය මතින් සැලසුම්කර ඇති ආකාරයෙන් මරදාන සිට හෝමාගම දක්වා ද්විත්ව දුම්රිය මාර්ගය ඉදිකිරීමේ කටයුතුද කඩිනම් කිරීමට උපදෙස් ලබාදෙන ලදී.

මෙම තොරතුරු සහ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.තවදුරටත් පළාත් පාලන ආයතන ප්‍රධානීන් ගැසට් මගින් ප්‍රකාශයට පත්නොකර තිබියදී නම්කරන ලද පුද්ගලයින්ගේ සහභාගීත්වයෙන් මෙවැනි රැස්වීම් පැවත්වීම් කෙතරම් සදාචාරාත්මකද.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments