Homeක්‍රීඩාජනාධිපති කුසලාන රග්බි ශූරතාව ඉසිපතනයට.

ජනාධිපති කුසලාන රග්බි ශූරතාව ඉසිපතනයට.

අන්තර් පාසල් ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත් විය.

කොළඹ රාජකීය විදුහල් ක්‍රීඩා සංකීර්ණයේ පැවති අවසන් මහා තරගයේදී ඔවුන් විසින් මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 12 – 9ක් ලෙස පරාජය කළේය.

තරගය ආරම්භයේ සිටම ඉතා උණුසුම් මුහුණුවරක් ගත්තේය.

කෙසේ නමුත් පළමු අර්ධය අවසන් වූයේ ලකුණු 7-6ක් ලෙස ඉසිපතන විද්‍යාලය පෙරමුණ සිටිමිනි.

ජයග්‍රාහී ඉසිපතන විදුහල උත්සාහක දිනුම් 2ක් හා එක් ප්‍රවර්ථනයක් සාර්ථක කරගත් අතර, ත්‍රිත්ව විද්‍යාලය දඬුවම් පහර 2ක් හා ඩ්‍රොප් ගෝලයක් වාර්තා කළේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments