Homeදේශීයහෙට සිට දන්සැල් 8000ක්

හෙට සිට දන්සැල් 8000ක්

මෙවර වෙසක් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 8,000කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඒ අනුව, මේ දක්වා ලියාපදිංචි වී ඇති දන්සැල් සංඛ්‍යාව 8,581ක් බව එහි ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවා.

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමෙන් අදාළ දන්සැල් ලියාපදිංචි කිරීම් සිදුකර ඇති අතර වෙසක් පොහොය දිනයේ සහ ඊට පසුදින ඒවා පරීක්ෂා කිරීම් සිදුකරන බව ඔහු සඳහන් කළා.

මේ අතර ආහාර සහ ජලය මගින් බෝ වන රෝගවල වැඩිවීමක් පසුගිය වසරේ වෙසක් දන්සැල් ආශ්‍රිතව දක්නට ලැබුණු බැවින් මෙවර ලබාදෙන දන්සැල් සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වන ලෙස සෞඛ්‍ය අංශ සංවිධායකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments