Homeදේශීයශ්‍රීලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීමට කැබිනට් අනුමැතිය

ශ්‍රීලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීමට කැබිනට් අනුමැතිය

ශ්‍රීලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය පිහිටුවීම සඳහා වන පාර්ලිමේන්තු පනත සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආහාර තාක්ෂණයේ යෙදෙන්නන් සහ විද්‍යාඥයින්ගෙන් සමන්විත, ස්වේච්ඡාවෙන් පවත්වා ගෙන යනු ලබන ශ්‍රී ලංකා ආහාර විද්‍යා සහ තාක්ෂණ ආයතනය 2004 වර්ෂයේදී පිහිටුවා ඇති අතර, එම ආයතනය මේ වන විට ඇපයෙන් සීමිත සමාගමක් වශයෙන් ලියාපදිංචි කර තිබේ.

එම ආයතනය ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් පවත්වා ගැනීමට ලැබෙන රාජ්‍ය අනුග්‍රහයක් ලෙස සහ ආයතනයේ ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු පනතකින් නීතිගත කිරීම සඳහා 2016-09-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නීතිපති විසින් ඉදිරිපත් කර ඇති සංශෝධන ඇතුළත් කරමින් අවසන් පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2024 -06-11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එහෙත්, එම පනත් කෙටුම්පත මේ දක්වා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැත.

එම කරුණු සැලකිල්ලට ගනිමින්, එකී පනත් කෙටුම්පත් සකස් කිරීමේ කාර්යය කඩිනමින් නිම කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments