Homeදේශීයස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපනය

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපනය

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපනයට නව නිතී හඳුන්වාදීම පිළිබඳ අධ්‍යනය සහ අවශ්‍යතාව මත දැනට පවතින නීති සඳහා සංශෝධන හඳුන්වාදීම නිර්දේශ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුතු තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අධිකරණ පද්ධතිය තුළ සිදුවන ප්‍රමාදයන් වැළැක්වීමේ යාන්ත්‍රණයක් ලෙස රජයේ අභිචෝදක කාර්යාලයක් හඳුන්වා දීමටත්, රජය වෙනුවෙන් නඩු කටයුතු මෙහෙයවීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිරව ස්වාධීනව ක්‍රියාත්මක වන රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටු වීම සහ පළාත්බදව උප කාර්යාල පිහිටු වීමටත් යෝජනා කර තිබුණා.

එමඟින් අපරාධ යුක්ති ක්‍රමයේ ස්වාධීනත්වය හා විනිවිදභාවය වැඩි දියුණු කිරීම සහ ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි වන පරිදි අපරාධ යුක්ති ක්‍රියාදාමය කඩිනම් කිරීම අපේක්ෂා කෙරෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කරන ලද අවසන් වාර්තාව මඟින් ද හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා ස්වාධීන අභිචෝදක අධිකාරියක් ස්ථාපිත කිරීමට යෝජනා කර තිබුණා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments