Homeදේශීයමුදල් අමාත්‍යාංශ ලේකම් රසල් ද?

මුදල් අමාත්‍යාංශ ලේකම් රසල් ද?

මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය දරණ මහින්ද සිරිවර්ධන ඉවත් වීමෙන් පසු එම තනතුර සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු පත්කිරීමට නියමිතව ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය බාරගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව වෙත කළ ආරාධනය ඔහු විසින් කාරුණිකව ප්‍රතික්ෂේප කර තිබිණ.

තමා මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගම් කිහිපයකම ඉහළ තනතුරු දරණ බැවින් මෙම තනතුර බාරගැනීම අයෝග්‍ය බව දුමින්ද හුලංගමුව ගේ මතය වී ඇතැයි වැඩිදුරටත් දැනගන්නට තිබේ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments