Homeදේශීයනොරොච්චෝලේ තුනෙන් එකක් අක්‍රීයයි

නොරොච්චෝලේ තුනෙන් එකක් අක්‍රීයයි

නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කර තිබේ.

විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සඳහන් කළේ, උත්සව සමයේ දෛනික විදුලිය ඉල්ලුම පහළ යෑම හේතුවෙන් එය අක්‍රිය කළ බවයි.

අප්‍රේල් 11 වැනිදා සිට නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ.

විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පවසන්නේ මේ වන විට ක්‍රමයෙන් විදුලි ඉල්ලුම ඉහළ යමින් ඇති බවයි.

ඒ අනුව ලබන 21 වැනිදා පමණ වන විට, නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රිය කළ ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව, විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.

මේ අතර ඉන්ධන මගින් විදුලිය උත්පාදනය කරන බලාගාර ද මේ වන විට අක්‍රිය කර තිබේ.

විදුලි බල මණ්ඩලය පවසන්නේ ජල විදුලි බලාගාර සහ පුනර්ජනනීය බලශක්තියට පමණක් ප්‍රමුඛත්වය ලබා දී විදුලිය උත්පාදන කරන බවයි.

මේ අතර විදුලිය ඉල්ලුම සාමාන්‍ය තත්ත්වයට පත්වනතුරු කෙටි පණිවිඩයක් ලැබී ඇත්නම් පමණක් එතැන් සිට පස්වරු 3.00 දක්වා වහල මත සවි කර ඇති සූර්යය පැනල විසන්ධි කිරීම ප්‍රමාණවත් බව, විදුලි බල මණ්ඩලය සූර්යය බලශක්ති හිමිකරුවන්ට දැනුම් දෙයි.

විදුලි ඉල්ලුම සාමාන්‍ය තත්ත්වයට පත්වනතුරු අඛණ්ඩව සහය ලබා දෙන්නැයි විදුලි බල මණ්ඩලය සූර්යය බලශක්ති හිමිකරුවන්ගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments