Homeදේශීයජාතික පාසල් 396න් 159කම සුදුසු විදුහල්පතිවරු නෑ

ජාතික පාසල් 396න් 159කම සුදුසු විදුහල්පතිවරු නෑ

රටේ පවතින ජාතික පාසල් 396ක ප්‍රමාණයෙන් පාසල් 159කට සුදුසුකම් සහිත විදුහල්පතිවරුන් නොමැති බව අද පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් විය.
අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මේ බව හෙලි කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.

මේ ආකාරයෙන් නිසි විදුහල්පතිවරුන් පත් කරගැනීමට නොහැකි වී ඇත්තේ නියමිත සුදුසුකම් සහිත නිලධාරීන් සිටිය ද විදුහල්පති තනතුරේ ඇති වගකීම් සහ රාජකාරී දැරීමට ඇති අකමැත්ත මත බොහෝ දෙනෙක් එම තනතුරට අයදුම් කිරීමේ මැලිකමක් දැක්වීම බවය.

මෙම තත්වයට පිළියම් සෙවීම සදහා 1 ශ්‍රේණියේ විදුහල්පති තනතුරුවලට අයදුම්පත් කැදවීමේ දී 11 ශ්‍රේණියේ විදුහල්පති තනතුරුවලට සුදුසුකම් සැපිරූ අපේක්ෂකයන්ට ද අවස්ථාව සැලසීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව සමග සාකච්ඡා කර අවශ්‍ය සංශෝධනයන් කිරීමට කටයුතු කරනු ලබන බව ද නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.

දේශපාලන ව්‍යාපෘති ලෙස පාසල්වලට ජාතික පාසල් බෝඩ් ලෑලි එල්ලා ඇත්තේ සුදුසු විදුහල්පතිවරයෙක් හෝ සොයා ගත නොහැකි පසුබිමක බව මෙම සංවාදයේ දී ප්‍රකාශයට පත්විනි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments