Homeදේශීයපෞද්ගලික උපකාරක පන්ති ගැන ප්‍රතිපත්තියක් නෑ

පෞද්ගලික උපකාරක පන්ති ගැන ප්‍රතිපත්තියක් නෑ

ඉරිදා දිනයේ දී දහම් පාසල් පැවැත්වෙන කාලසීමාව තුළ සාමාන්‍යපෙළ සහ උසස්පෙළ හැර අනෙකුත් ශ්‍රේණි වලට උපකාරක පංති පැවැත්වීම ගැටළුවක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක මහතා පවසනවා.

අද පාර්ලිමේන්තුවේ දී මෙම ගැටළුව සම්බන්ධයෙන් රජය වශයෙන් කිසියම් තීන්දුවක් හෝ නියාමනයක් ගෙන ඇත්ද යන්න අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගෙන් මන්ත්‍රීවරයා විමසා සිටියා.

ඊට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ආගමික නායකයින්ගෙන් ද විවිධ ඉල්ලීම් ලැබී ඇති බවයි.

මේ පිළිබඳව අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා සිදුකරමින් පවතින බවත්, ඒ අනුව සුදුසුම පියවර ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවා.

මේ අතර පෞද්ගලික උපකාරක පංති නියාමනය කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ කිසිඳු ප්‍රතිපත්තියක් මේ වනවිට ක්‍රියාත්මක නොවන බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments