Homeදේශීයමෝදිට හූ කියලා

මෝදිට හූ කියලා

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද රථ පෙළපාලිය සමඟ නෙළුම් පොකුණ අසල මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවේදී පෙරටුගාමි සමාජවාදී පක්ෂය නියෝජනය කරන පිරිසක් හූ හඬ නඟමින් විරෝධය පළ කර තිබෙනවා.

දෙදින ශ්‍රී ලංකා රාජ්‍ය සංචාරය නිමාකරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඊයේ මෙරටට පැමිණි අතර ඔහු පිටත්ව යෑමට නියමිතව ඇත්තේ අප්‍රේල් 06 වැනිදා පස්වරුවේයි.

මේ අතර, අද දිනයේ මෝදි – අනුර ගිවිසුම් හෙළි යුතු බව අවධාරණය කරමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද කොටුව දුම්රිය පොල ඉදිරියේ විරෝධතාවයක නිරත වුණා.

කෙසේවෙතත්, ඉන්දියාව සමඟ අත්සන් කිරීමට නියමිත ගිවිසුම්වලට විරෝධය පල කරමින් අද දිනයේ කොළඹදී දැවැන්තඋද්ඝෝෂණයක් පැවැත්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු අනුබද්ධ දේශපාලන කණ්ඩායම් කිහිපයක් සැලසුම් කර තිබුණත්, පොලීසිය කොටුව අධිකරණයට කරුණු වාර්තා කර උද්ඝෝෂණය වැළක්වීම සඳහා වාරණ නියෝගයක් ලබාගෙන තිබුණා.

මෙම තහනම් නියෝගය ලබා ගෙන තිබුණේ,පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව, අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු මධුෂාන් චන්ද්‍රජිත්, අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය මැදිරිගිරියේ ඉස්සර ධම්ම හිමි, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු පූජ්‍ය ගල්නෑවේ සිරිධම්ම හිමි, විවෘත විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු කැඳවුම්කරු මොහොමඩ් රිෆාන් අතුළු පාර්ශ්වයන්ට එරෙහිවයි.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments