Homeදේශීයවවුචරයේ වලංගු කාලය සහ උසස් පෙළ ප්‍රතිඵල.

වවුචරයේ වලංගු කාලය සහ උසස් පෙළ ප්‍රතිඵල.

පසුගිය වසරේ පැවැති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එම දෙපාර්තමේන්තුව පැවසුමේ මේ වන විට එම ප්‍රතිඵල සම්බන්ධව පළවන මාධ්‍ය වාර්තා සාවද්‍ය බවයි.

එම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධව මේ වන තෙක් විභාග දෙපාර්තමේන්තුව කිසිදු නිවේදනයක් නිකුත් කර නොමැති බවද එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව විවිධ මාධ්‍ය ඔස්සේ එම විභාගයේ ප්‍රතිඵල සම්බන්ධව පළවන සාවද්‍ය පුවත්වලට නොවරැවටෙන ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. පාසල් ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමට ලබා දී ඇති රුපියල් 6000ක වවුචරයේ වළංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ මස 31 දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ එහි වලංගු කාලය අප්‍රේල් මස 30 වැනි දක්වා දීර්ඝ කර තිබුණා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments