Homeදේශීයකලම්බු ටයිම්ස් සිංහල ද්වාරය එළිදකී

කලම්බු ටයිම්ස් සිංහල ද්වාරය එළිදකී

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වෙබ් ද්වාරයක් වන, දැනට ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවලින් ප්‍රකාශයට පත් කෙරෙන, කලම්බු ටයිම්ස් හි සිංහල ද්වාරය මැන්ඩරිනා හෝටලයේ පැවති ඉෆ්තාර් උත්සවයේදී එළිදැක්විණි.

කලම්බු ටයිම්ස් හි ප්‍රධාන කර්තෘ සහ ශ්‍රී ලංකාවේ අරාබි ප්‍රවෘත්ති සඳහා ප්‍රධාන වාර්තාකරු මොහොමඩ් රසූල්ඩීන් මහතාගේ මූලිකත්වයෙන් මෙය සිදුවිය.

විශේෂ ආරාධිතයින් ලෙස සහභාගී වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි සහ සෞදි අරාබි තානාපති කාලිඩ් හමූද් අල්කහ්තානි යන මහත්වරුන් නව අන්තර්ජාල සංස්කරණය එළිදැක්වූහ.

හෙජාස් ජාත්‍යන්තර පාසල් කාර්ය මණ්ඩලය අෂ් ෂෙයික් ෂෆ්රාස් ඉක්බාල් රාමසාන් උත්සවයේ වැදගත්කම පිළිබඳව රැස්ව සිටි පිරිස ඇමතීය.

මොහොමඩ් රසූල්ඩීන් මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි,සෞදි අරාබි තානාපති කාලිඩ් හමූද් අල්කහ්තානි සහ ට්‍රැවලර් ග්ලෝබල් ප්‍රයිවට් ලිමිටඩ් සභාපති රිස්මි රියාල් යන මහත්වරුන්ට කළ සේවය අගය කරමින් කෘතඥතා තිළිණ ප්‍රදානයක්ද සිදුකළේය.

මැලේසියාව, කියුබාව, තුර්කිය, ඉන්දුනීසියාව, මාලදිවයින, වියට්නාමය, පකිස්ථානය, පලස්තීනය, බංග්ලාදේශය, ඉරානය සහ ඕමානය යන රටවල රාජ්‍ය තාන්ත්‍රිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.
IDM ආයතනයේ සභාපති ආචාර්ය වී. ජනගන් මහතාද සහභාගී විය.

සෞදි අරාබි තානාපතිවරයා ඉෆ්තාර් උත්සවය සඳහා රටඉදි ප්‍රදානය කළේය.

කර්තෘවරුන්, නියෝජ්‍ය කර්තෘවරුන්, ප්‍රවෘත්ති කර්තෘවරුන්, මාධ්‍යවේදීන්, මුස්ලිම් සංවිධාන නියෝජිතයින් සහ මොහොමඩ් රසූල්ඩීන්ගේ පවුලේ සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments