Homeදේශීයපාස්පෝට් ප්‍රශ්නයක් තියෙනවා - විදේශ නියෝජ්‍ය ඇමති

පාස්පෝට් ප්‍රශ්නයක් තියෙනවා – විදේශ නියෝජ්‍ය ඇමති

නව විදෙස් ගමන් බලපත්‍ර අවශ්‍ය විදෙස්ගත පුද්ගලයින් 26,000කට අධික සංඛ්‍යාවක් අයදුම්පත් යොමු කර ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පවසනවා.

විදේශයන් හී පවතින මෙරට තානාපති සහ මහකොමසාරිස් කාර්යාල වෙත එම අයදුම්පත් ලැබී ඇති අතර ඒවා වසර දෙකකට ආසන්න කාලයක සිට ලැබී ඇති බව සඳහන්.

ඇතැම් පුද්ගලයින්ට තම විදෙස් ගමන් බලපත්‍රයේ කාලය ඉක්මවීම ‍හේතුවෙන් ගැටලු රැසකට මුහුණදීමට ද සිදුවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

විදේශ ගතව සිටින ශ්‍රමිකයින්ට සහ අධ්‍යාපනය ලබන සිසුන්ටද ඉදිරි කටයුතු කරගෙන යාමට ඒ හේතුවෙන් ගැටලු මතුවී ඇති බව සඳහන්.

එම ගැටලුවට කඩිනමින් විසඳුම් ලබා දීම සඳහා විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යංශය සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමග සාකච්ඡාවක් ද සිදුකර තිබෙනවා.

කෙසේවෙතත් මේ මාසය අවසන්වීමට පෙර මෙම ගැටලුව හැකිතාක් දුරට විසඳීමට කටයුතු කරන බවද පැවසු නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අර්බුදය නිර්මාණය කරනු ලැබුවේ වත්මන් ආණ්ඩුව නොවන බව ද අවධාරණය කළා.

මේ අතර විදෙස් ගමන් බලපත්‍ර සකස් කිරීමේ දී සහ විදෙස් රැකියා සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේ දී අතර මැදියන්ගේ සහාය ලබා නොගන්නා ලෙස ද නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments