Homeදේශීයවෙඩි තැබීම් 19යි

වෙඩි තැබීම් 19යි

මේ වසරේ ජනවාරි සිට මාර්තු 05 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ වෙඩිතැබීමේ සිද්ධීන් දහනවයක් (19) වාර්තා වී ඇති අතර ඉන් 12 ක් සංවිධානාත්මක අපරාධ කල්ලිවලට සම්බන්ධ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පැවැසීය.

ජනමාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසුවේ ඉතිරි සිදුවීම් හත පෞද්ගලික ආරවුල් හේතුවෙන් ඇති වූ බවයි.

විමර්ශන මගින් සැකකරුවන් 68 දෙනකු අත්අඩංගුවට ගැනීමටත්, වෙඩිතැබීම් සඳහා භාවිත කළ ටී -56 ගිනිඅවි හයක්, පිස්තෝල දෙකක් සහ තවත් පිස්තෝල පහක් අත්අඩංගුවට ගැනීමටත් හැකි වූ බව හෙතෙම පැවැසීය.

අපරාධ සම්බන්ධයෙන් භාවිත කළ යතුරුපැදි අටක්, කාර් දෙකක්, වෑන් රථයක් සහ ත්‍රිරෝද රථ දෙකක් ද පොලිසිය විසින් රාජසන්තක කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments