පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ නව ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා අධිකරණ සහ ජාතික ඒ්කාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා එක්විය.
නව බන්ධනාගාර සංකීර්ණයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එහි ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබදව සාකච්ඡාවක් ද අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
බෝගම්බර බන්ධනාගාරයේ සිටි රැඳවියන් විතැන් කිරිමේ ව්‍යාපෘතිය යටතේ එම බන්ධනාගාරයේ සිටි රැඳවියන් විතැන් කිරීමේ කටයුතු 2007 වසරේදී ආරම්භ කර ඇත. මේ වන විට රැඳවියන් 2500ක් පමණ පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින අතර එම සංඛ්‍යාව රැඳවිය හැකි පිරිසට වඩා දෙගුණයක් පමණ වේ. රැඳවියන්ට මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ටද එය විශාල ගැටළුවක් වී ඇති අතර රැඳවියන්ගේ අයිතිවාසිකම් ද ආරක්ෂා කිරීම වගකීමක් වන බැවින් නව බන්ධනාගාර ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස අධිකරණ අමාත්‍යාංශයේ සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී.
බන්ධනාගාරගතව සිටින පුද්ගලයෙකුට අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඒ අනුව කටයුතු කරනවා හැර සමාජයේ ජීවත්වෙන වෙනත් අයට මෙන් හඩනගා ඉල්ලීම් කිරීමේ හැකියාවක් නැහැ. බන්ධනාගාරගතව සිටින රැදවියන්ගේ සියලු පහසුකම් පිළිබදව විමසිලිමත් විය යුතුයි. අපි ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට ක්‍රියා කළ යුතුයි.
මෙවර අයවැයෙන් මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිරි කටයුතු සඳහා රුපියල් මිලියන හාරසියයක මුදලක් වෙන් කර තිබෙනවා. 2028/12/31 වන දින මෙම ව්‍යාපෘතිය අවසන් කලයුතු වුවද එදිනට පෙර එහි වැඩ කටයුතු අවසන් කිරීම පිලිබදව අවධානය යොමු කරන ලෙස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරනවා. එමෙන්ම මේ ඉදිකිරීම් කටයුතුවලට කිසියම් පුද්ගලයෙකු හෝ රෙගුලාසියකින් බාධා එල්ල වන්නේ නම් අධිකරණ අමාත්‍යවරයා වශයෙන් මට හෝ අමාත්‍යාංශයේ ලේකම්තුමියට දන්වන්න. ඒ සදහා අවශ්‍ය පියවර ගැනීමට අපි කටයුතු කරනවා.