සෞඛ්‍ය සම්බන්ධ කරගත් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අභිලාෂයෙන්, එම වැඩසටහනේ කේන්ද්‍රය ලෙස නෙවිල් ප්‍රනාන්දු රෝහල පත් කරගෙන රජය සමග එක්ව ව්‍යාපෘතියක් දියත් කිරීම සඳහා පුද්ගලික අංශයට ආරාධනා කරන බව සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පැසුවේය.
ඇමතිවරයා අද පාර්ලිමේන්තුවේ දි මේ යෝජනාව ඉදිරිපත් කළේය.
හෙල්ත් ටුවරිසම් එක සඳහා අපි ආයුර්වේදයත් එක්ක යන ඒකාබද්ධ ප්‍රතිකාර විධියක් තමයි අපි බලාපොරොත්තු වෙන්නෙ. දැනට ඒ වැනි ඒකක ප්‍රමාණයක් පටන් අරන් වැඩ නතර වෙලා තිබෙන්නේ. පොතුවිල් හොස්පිටල් එක අපි මධ්‍යම ආණ්ඩුවට පවරා ගත්තේ සංචාරක සෞඛ්‍ය කර්මාන්තය පවත්වා ගැනීමේ අරමුණින්.
එපමණක් නොව, පෞද්ගලික අංශයට ආරාධනාවක් කරනවා. ඔබට හැකියාවක් තියනවා මේ රටේ හෙල්ත් ටුවරිසම් දියුණු කිරීමට රාජ්‍ය අංශයත් එක්ක එකතු වෙලා කටයුතු කරන්න.
එහෙම කැමති පෞද්ගලික අංශයේ හැම දෙනාමට මම කියන්න කැමතියි. අවශ්‍ය නම් ඔබට නෙවිල් ප්‍රනාන්දු රෝහල මෙඩිකල් ටුවරිසම්වල කේන්ද්‍රයක් හැටියට සංවර්ධනය කරන්න අපිත් එක්ක සාකච්ඡා කරන්න. ඒ සඳහා අපි සූදානම්… සෞඛ්‍ය ඇමතිවරයා පැවසුවේය.