Homeදේශීයස්වාධීන අභිචෝදක කාර්‍යාලය පිහිටුවන්න මූලික සාකච්ජාවක්

ස්වාධීන අභිචෝදක කාර්‍යාලය පිහිටුවන්න මූලික සාකච්ජාවක්

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා අද සාකච්ඡා කළ බව අධිකරණ අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

මේ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව, පොලීසිය, ශ්‍රී ලංකා නීතීඥ සංගමය, සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ ඇතුළු පිරිසක්ද එක්ව තිබේ.

මෙහිදී අභිචෝදක කාර්යාලක් ආරම්භ කිරීම, පවත්වාගෙන යාම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා පැවැත් වූ බවද අමාත්‍යවරයා පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මෙය මූලික සාකච්ඡාවටයක් පමණයි. මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සකස් කිරීමට හා අභිචෝදක කාර්යාලය පිහිටුවීම සඳහා නිල වශයෙන් කමිටුවක් පත් කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍යාංශයේ ලේකම්තුමියටත් නීති අංශයටත් මා උපදෙස් ලබා දුන්නා.

අභිචෝදක කාර්යාලය පිහිටුවන්නේ කෙසේද ? ඔවුන්ගේ කාර්යභාරය විය යුත්තේ කුමක්ද? එයට අවශ්‍ය මානව සම්පත් සහ තාක්ෂණ සම්පත් ලබාගන්නේ කෙසේද ? යනාදී සියලු කරුණු පිළිබදව තවදුරටත් සාකච්ඡා කරනවා. මෙහි අවසාන අරමුණ වන්නේ කාර්යක්ෂම නඩු පැවරීමේ ඒකකයක් ස්ථාපිත කිරීමයි.

එමෙන්ම මේ සඳහා සුදුසු අවස්ථාවකදී මහජනතාවගේ සහ සිවිල් සංවිධානවල අදහස් විමසීමට අපි කටයුතු කරනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ස්වාධින අභිචෝදක කාර්යාලය ස්ථාපිත කිරීමේ පොරොන්දුව ඉතා ඉක්මනින් ඉටු කර ගත හැකිවෙතැයි අපි බලාපොරොත්තු වෙනවා.”

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments