Homeදේශීය2020 - 2024 මිනිස් ජීවිත 739ක් වන අලි 2018ක් අහිමිවෙයි

2020 – 2024 මිනිස් ජීවිත 739ක් වන අලි 2018ක් අහිමිවෙයි

2020 වන සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ ඇති වනාන්තර ප්‍රමාණය අක්කර 4 717 222.78 ක් බව පරිසර අමාත්‍යය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා අද පාර්ලිමේන්තුවට දැන්වීය.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේෂන් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු සපයමින්.

වන අලින්ට ජීවත් වීම සඳහා සුදුසු වාතාවරණයක් සහිත වනාන්තර ප්‍රමාණය අක්කර 4 553 641කි.

2011 වසරේ වන අලි සංගණනයට අනුව ශ්‍රී ලංකාවේ ජීවත් වන වන අලි සංඛ්‍යාව අවම වශයෙන් 5879කි.

පසුගිය වසර පහ තුළ වන අලි ප්‍රහාරයන්ට ලක් වූ පුද්ගලයන් සංඛ්‍යාව 1578.

එම ප්‍රහාර හේතුවෙන් මරණයට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව හත්සිය තිස් නවයයි.

අලි මිනිස් ගැටුම් හේතුවෙන් මියගිය වන අලින් සංඛ්‍යාව 2018.

RELATED ARTICLES
spot_img
spot_img

Most Popular

Recent Comments