Homeජාත්‍යන්තරපාප් වහන්සේ අසනීපයෙන්

පාප් වහන්සේ අසනීපයෙන්

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එහි වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා රෝමයේ රෝහලක් වෙත ඇතුළත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2023 වසරේදී ද ෆ්‍රැන්සිස් පාප් වහන්සේට බ්‍රොන්කයිට්ස් රෝගය වැළඳීම හේතුවෙන් එක්සත් ජාතීන්ගේ COP28 දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වීමට තිබූ ඩුබායි සංචාරයද අවලංගු කෙරුණා.

පාප් වහන්සේ පසුගිය වසර දෙක තුළ කිහිප වතාවක්ම ඉන්ෆ්ලුවෙන්සා සහ වෙනත් සෞඛ්‍ය ගැටලු හේතුවෙන් පීඩා විඳිමින් සිටියා.

උන්වහන්සේ තරුණ අවදියේදී එක් පෙනහලුවක කොටසක් ඉවත් කිරීමද සිදුව ඇති අතර ඔහු පෙනහලු ආසාදනවලටද ගොදුරුව තිබුණා.

මේ අතර අද දිනයේදී සැලසුම් කර ඇති මහජන හමු සහ සඳුදා දින රෝමයේ ප්‍රසිද්ධ සිනෙසිටා චිත්‍රපට චිත්‍රාගාරය නැරඹීමද අවලංගු කිරීමට වතිකානුව නිවේදනය කර තිබෙනවා.

RELATED ARTICLES
spot_img
spot_imgspot_img
spot_img

Most Popular

Recent Comments