Homeදේශීය519කට මාසෙකට කෝටි තුනහමාරක් ගෙවනවා

519කට මාසෙකට කෝටි තුනහමාරක් ගෙවනවා

පාර්ලිමේන්තුවෙන් විශ්‍රාම ගොස් මේ වනවිට විශ්‍රාම වැටුප ලබන මන්ත්‍රීවරු සංඛ්‍යාවත්, ඔවුන් වෙනුවෙන් ගෙවනු ලබන මුදල පිළිබඳවත් පාර්ලිමේන්තුවේදී අනාවරණය වුණා.

ජාතික ජන බලවේගය මන්ත්‍රී ගාමිණී රත්නායක මහතා මෙම කරුණු කියා සිටියා.

1976 වසරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ලබාදීමට ඉදිරිපත්කළ යෝජනාව සම්මත වූ පසු මේ දක්වා විශ්‍රාම වැටුප් ලබන අය හා ඒ වෙනුවෙන් ගෙවනු ලබන මුදල් පිළිබඳ මෙහිදී ගාමිණී රත්නායක මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඒ අනුව මෙම වසරේ ජනවාරි 25 දක්වා කාලය තුළ විශ්‍රාම වැටුප ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 330ක් සිටිනවා.

එමෙන්ම මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප ගෙවන කලාත්‍රයන් (බිරිද හෝ සැමියා) ගණන 182ක්.

ඒ අනුව මන්ත්‍රීවරු හා කලාත්‍රයන් 500කට වැඩි පිරිසකට පාර්ලිමේන්තුවේ ගිණුම් අංශයෙන් මුදල් ගෙවනු ලබනවා.

මේ අතර විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් යැපෙන්නන් 7ක් සිටින බව ගාමිණී රත්නායක මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඒ අනුව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් මාසිකව දෙකෝටි තිස්පන් ලක්ෂ 41,645ක මුදලක් විශ්‍රාම වැටුප් ලෙස ගෙවන බව පැවසෙනවා.

තවද කලාත්‍රයන් සඳහා එක්කෝටි දසලක්ෂ 25,216ක මුදලක්ද, යැපෙන්නන් සඳහා හාරලක්ෂ 20,121ක මුදලක්ද පාර්ලිමේන්තුවේ ගිණුම් අංශයෙන් ගෙවන බව ගාමිණී රත්නායක මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසා සිටියා.

RELATED ARTICLES
spot_img
spot_img

Most Popular

Recent Comments